Thursday, July 12, 2012

අ - කෙටස ඉ....

අමතපද
අමත පද යනු අමෘතය නොහොත් නිර්වාණය යන අදහස යි. මරණයක් නැති යන අදහස ද දෙයි. පද යන්නෙන්  ගමන හෝ පිහිට යන අදහස ලැබෙයි. මේ අනුව අමතපද යනුවෙන් නිවනට පිහිට හෝ නිවනට මග හෝ ලෙස සලකා ඇත්තේ අප්‍රමාදය ය.
   ඉපදීමක්, විනාශ වීමක් පෙරලෙන බවක් නො පැනේ ද. එයින් හට ගැනීමක් නො වෙයි ද, නො දිරයි ද. නො මැරෙයි ද එහෙයින් අමත යයි කියනු ලැබේ.

අමරාවික්ඛෙපවාද
අමර නම් ආඳාට නමකි. අතට අල්ලා ගත නොහැකි ආඳකු සේ ප්‍රශ්ණයට හසු නොවන සේ උත්තර දෙන්නට තැත් කරන්නහුගේ වාදය නොහොත් දෘෂ්ටිය අමරාවික්ඛේපවාදය යි. අමරාවික්ඛේපවාද හතරක් වේ.
1. මේ කුසල් ද අකුසල් ද ඒ දෙකෙන් වෙනත් දැයක් දැයි ආදී වශයෙන් ඇසු ප්‍රශ්ණයට උත්තරයෙන් මග හරින්නා,
2. කුසල් හෝ අකුසල් යැයි දැඩි ව ගැනීමෙන් තමනට අවැඩ වෙතැ යි උත්තර දෙන්නා,
3. වියතුන්ගෙන් නින්දා ලැබෙතැයි බියෙන් උත්තර නොදී ප්‍රශ්ණයෙන් පැන යන්නා,
4. අඥානයා - ඇසු ප්‍රශ්නයට ‘එසේත් නො වේ එසේ නොවන්නේත් නො වේ. ආදී වශයෙන් නොහසුවන පරිදි උත්තර දෙමින් ප්‍රශණයෙන් පැන යන්නා. එකල දඹදිව තිබූ ප්‍රසිද්ධ වාද අතර මෙය ද එකකි. මෙය දෘෂ්ටියෙන් හා වචනයෙන් එක ම ස්භාවයක නොපිහිටන දෙසැට මිත්‍යා දෘෂ්ටි වාද අතර ද එකක් වේ. 

No comments:

Post a Comment