අසදිස මහා දානය/අසදෘශ මහා දානය
වෙනත් කෙනෙකුගේ දානයක් හා සමාන නොවන දානය අසදිස මහා දානය නමින් හැදින්වේ. කිසිදු දාන වස්තුවකින් අඩු නොවු මේ දානය එක් බුදු කෙනෙකුට වුව එක් වරක් පමණක් ලැබෙන්නකි. සැවැත් නුවර කොසොල් රජතුමා තුදුස් කෙලක් ධනය වැයකොට මල්ලිකා දේවියගේ සංවිධායකත්වයෙන් අසදිස මහා දානය බුද්ධ ප්රමුඛ පන්සීයයක් මහරහතන් වහන්සේ විෂයෙහි පිරිනමන්නට යෙදිණි.රජුත් කොසොල් රට නාගරිකයෝත් ඔවුනොවුන් පරයා දන් දෙන්නේ රජුගේ දානයට වඩා හැම අතින් ම උසස් දානයක් රටවැස්සන්ට පිරිනමන්නට හැකිවීමෙන් රජතුමාට ඇති වු කනස්සල්ල දැනගත් මල්ලිකා දෙවිය මෙම අසදිස මහා දානය සංවිධානය කළ බව බෞද්ධ සාහිත්‍ය යෙහි සඳහන් වේ.
ගොඩක් ලස්සනට විස්තර කරලා තියනවා. මම ගොඩක් කල් අසදෘෂ්‍ය මහා දානය ගැන විස්තර හෙවුවා. බොහොම පිං.
ReplyDelete