Friday, July 13, 2012

අ - කොටස ඉ....

අෂ්ටඵලරුහ බෝධි
ශ්‍රි මහා බෝධියෙහි ඵලයකින් හටගත් බෝ රුක් අට අෂටඵලරුහ බෝධිය යි. ශ්‍රි මහා බෝධියෙහි උතුරු ශාඛාවෙහි ඉදුණු ඵලයක් ගිලිහි මිහිදු මාහිමියන් දිගුකල අතෙහි පිහිටියෙන් එය රන් කටාහයක රෝපනය කරන ලදි. එයින් බෝරුක් අටක් පැන නැගිණ. එම බෝරුක් අට දඹකොළ පටුනෙහි ද තිවංක නම් බමුණු ගමෙහි ද (දැන් තන්තිරිමලය ලෙස හදුනාගෙන ඇත) ථුපාරාමයෙහි ද,ඉසුරුමුනි විහාරයෙහි ද, පඨමක චෙතිය ස්ථානයෙහි ද, සෑගිරියෙහි ද, රුහුණේ කතරගම ද, රුහුණෙහි ම සඳුන් ගමෙහි ද රෝපණය කරන්නට යෙදින ථුපාරාමය,ඉසුරුමුණිය,සෑගිරිය, කතරගම යන තැන්වල පිහිටි බෝධි දැනුදු දැකිය හැකිය.    

අෂ්ටාර්ය පුද්ගල
ආර්ය යනු උතුම් යන අර්ථ යි. එබඳු උතුම් පුද්ගලයන් අට කොටස මෙහි අෂ්ටාර්ය පුද්ගල නම් වේ. සෝවාන්,සකෘදාගාමි, අනාගාමි, අරහත් මාරගස්ථ සතර දෙනතේ සෝවාන් ඵලය ආදී ඵලස්ථ සතර දෙනාත් මෙම පුද්ගලයන් අට කොටස යි. ‘චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා‘ යැයි කිය් මේ අට කොටස සඳහා ය.ආර්ය භික්ෂු පිරිස මේ අට කොටස තුළ නියෝජනය වෙයි. මේ පුද්ගලයන් අටදෙනා යුගල වශයෙන් හතරකි.

අස්සජි තෙරණුවෝ
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සව්වන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ශාසනික පැවිද්ද ලැබීමට පෙර පස්වග තවුසන්ට අයත්ව සිටියහ. බමුණු මහසල් කුලයකින් පැමිණි මෙතුමා බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ සමයේ උපස්ථාන කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට සවන් දුන් මෙතුමා ඒ ධර්ම දේශනාවෙන් හතරවැනි දින බුද්ධාවවාදයෙහි පිහිටා සෝවාන් ව ඉන් පසු දින සෙසු හතර දෙනා සමඟ බුදුරජාණන් වහන්සේ දෙසු අනන්ත ලක්ඛණ සුත්‍රයට සවන් දි රහත් බවට පත් විය. රහතන් වහන්සේ සැටනමක් වු කළ බොහෝ දෙනාට හිත සැප පිනිස සැරි සරන්නයි කළ අනුශාසනාවකට අනුව අස්සජි රහතන් වහන්සේ රජගහ නුවර සැරි සැරූහ. උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැදුණු උපතිස්ස පරිබ්‍රාජකයාට බුදු දහම නම් කුමක් දැයි පහදා දුන්නේ මුන් වහන්සේය. එතැන් පටන් තම ගුරුවරයා වු අස්සජි රහතන් වහන්සේ වෙසෙන පෙදෙසට දෙපා හෝ දිගු නොකොට සැතපීමට තරම් සැරියුත් තෙරුන් වහන්සේ සැලකිලිමත් වු බව සඳහන් වේ. මහාවාදියෙකු වු සච්චකයාට පවා අනන්ත ලක්ඛණ සුත්‍රයෙහි එන බුද්ධ දේශනාව හඳුන්වා දුන්නේ අස්සජි රහතන් වහන්සේ ය. රජගහනුවර කස්සපාරාමයේ දී බලවත් ලෙස රෝගාතුර වු මුන්වහන්සේ දැකීමට බුදුරජාණන් වහන්සේ ද වැඩම කළහ.  

No comments:

Post a Comment