සිදු නොවු, අසත්‍ය, අවිද්‍යමාන යන අරුත් අභුත යන්නෙන් ලැබේ.පෙර නොවු විරූ දෙය ද අභුත යන්නෙන් ගැනේ. බොරුව සඳහා ද අභුත යන්න යෙදේ. ඇති දෙයක් නැති ලෙසටත් නැති දෙයක් ඇති ලෙසටත්, පැවසීම ද අභුත නම් වේ. හට නොගත් යන තේරුමින් නිවනට ද අභුත යැයි කියනු ලැබේ.
අම්බපාලි
බුදුරජාණන් වහන්සේගේ ජීවන සමයෙහි සිටි නගර ශෝභිනියක් මේ නමින් හැදින්වේ. රූපත් කාන්තාවක වු ඇය විශාලා මහනුවර ලිච්ඡවි රජවරුනට අයත් අඔ වනයෙහි වාසය කලාය. බුදුරජාණන් වහන්සේ අවසන් වරට විශාලා මහනුවරට වැඩම කළ අවස්ථාවේ උන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට මහදන් පුදා අනතුරුව මෙම අඹ වනය ද එහි විහාරයක් ඉදිකොට එය ද බුදුරජාණන් වහන්සේට පූජා කළා ය.අම්බපාලි වනයෙ දී බුදුරජාණන් වහන්සේ සුත්‍ර තුනක් දේශනා කළහ. අනුරුද්ධ හා ශාරිපුත්‍ර රහතන් වහන්සේලා දෙනම අතර මෙහි දි ඇති වු ධර්ම සාකච්ඡාවක් ගැන ද වාර්තා වෙයි. අම්බපාලි වනයට නොදුරු තැනක දී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හළ බවත්,ඒ බව සිහිවීම සඳහා මෙම ස්ථානයෙහි ස්තූපයක් ගොඩනැගූ බවත් ඇතැම් වාර්ථාවල සඳහන් වේ.
අම්බලට්ඨිකා
අම්බලට්ඨිකා යනු රාජොද්‍යානයක නම යි. එය පිහිටා තුබුණේ රජගහනුවර සිට නාලන්දාවට යන මාර්ගය සමීපයෙහි කලන්දක නිවාපයට නුදුරෙහි ය. මෙහි උයන් දොර තිබුණු අඹ ගසක් නිසා මේ නම ලද බව පැවසේ. රජකීය විශ්‍රාම ශාලාවක්ද මේ උයන තුළ පිහිටා තිබිණ. එය රජතුමාගේ සුඛ විහරණය හා විවේකය සඳහා ගොඩ නගන ලද්දකි. රජතුමාට විවේකය මෙන් ම විනෝදය ද ලබාදුන් මේ ශාලාව විචිත්‍ර චිත්‍ර කර්මාන්තයන්ගෙන් සරසා තිබිණ. බුදුරජාණන් වහන්සේ ද මහා සංඝයා වහන්සේ ද චාරිකාවේ හැසුරුනු අවස්ථාවල මෙහි ලැගුම් ගෙන ඇත. අම්බලට්ඨික රාහුලෝවාද සුත්‍රයත්, බ්‍රහ්මජාල සුත්‍රයත් මේ ස්ථානයේ දී දේශනා කරන ලදී. ඛාණුමත නම් බමුණුගම මේ නමින් ම තවත් උයනක් තිබුණු බව සඳහන් වේ. කූටදත්ත සුත්‍රය දේශනා කරන ලද්දේ එහි දි යැයි ඇතැම් පොත්වල සඳහන් වේ.

No comments:
Post a Comment