අරියපරියේසන
අරිය නම් උතුම් ය. පරියේසන නම් සෙවීම ය.ඒ අනුව අරිය පරියේසන යනු උතුම් සෙවීම ය. එනම් නිවන් සෙවීම යි. මජ්ඣිම නිකායේ එන සුත්‍ර ධර්මයක් ද මේ නමින් ගැනේ. එහි අරිය පරියේසන හා අනරිය පරියේසන යැයි පරියේසන දෙකක් ගැන කියවෙයි. බුදුවීමට පෙර කළ අනරිය පරියේසනයත් අරිය පරියේසනය සඳහා මහණ වීමත් එතැන් සිට බුද්ධ චරිතයත් එම සුත්‍රයෙහි විස්තර කොට ඇත. එහි අවසානයේ ප්‍රථම ධ්‍යානයේ පටන් සඤ්ඤාවේදයිත නිරෝධය දක්වා කරුණු විස්තර කොට ඇත.
අල්පේච්ඡතා/ අප්පිච්ඡතා
ඉච්ඡා හෙවත් බලාපොරොත්තු අඩු බව අල්පේච්ඡතාව යි. එනම් අධික බලාපොරොත්තු නැති බව ය. අල්පේච්ඡතා ගුණයෙන් යුත් තැනැත්තා තමා සතු ගුණයක් වුව ද අන් අය දැන ගනිත්වා යි බලාපොරොත්තු නොවේ.
අලීනතා
න+ලීනතා
ලීනතා නම් මානසික හැකිළුණු බව හෙවත් අලසකම යි. මානසික හැකිළුණු බවෙන් හෙවත් අලසකමෙන් තොර වූයේ අලීනතා ය. එය කෙනෙකුගේ දියුණුවට හේතු වන ප්‍රධාන කරුණු අතරින් එකකි.
අලෝභ
ඉදුරන්ට ගොදුරු වන ප්‍රියමනාප අරමුණුවල නොඇලීම අලෝභය වේ. මෙය තුන් වැදැරුම් කුසල මූලයන්ගෙන් එකකි. සත්ත්වයා සසර බැඳ තබන්නේ ලෝභය වන අතර සත්වයාට සසරින් මිදීමට උපකාර වන්නේ අලෝභයය යි.

No comments:
Post a Comment