Saturday, August 11, 2012

දහම් පාසල් බිත්ති පුවත් පත - daham pasal bitthi puwath patha - Orugodawatta



සසර බැඳ තබන බැමි
සසර බැඳ තබන බැමි යනු ? උදා:-
ශක්තිමත් කඹයකින් බැඳ තබන ලද. ගවයෙකුට ඒ කඹය දිග ඇති තාක් පමණක් තණකොල කත හැකි බව අප දනිමු ඊට හේතුව එම ගවයා ශක්තිමත් කඹයකින් බැද ඇති බැවිනි. මිනිසා ඇතුළු ලොව සියලු සත්වයෝද, එවැනි බැමි දහයකින් සසරට බැදී සිටිති.
ගවයාට මෙන්ම මේ සත්වයාටද ඉපදීම, මරණය අවසන් කොට සසරින් එතෙර වී නිවන් දැකීමට අපහසු වී ඇත. ඊට හේතුව ‘‘ දස සංයෝජන,, නමින් හැදින්වෙන බැමි දහයකින් සත්වයා සසරට බැඳ තිබීමය.

1. සක්කාය දිට්ටි :-  මමය මාගේය යන හැඟීම
2. විචිකිච්ඡා :- බුද්ධාදී අට තැන්හි ඇති සැකය.
3. සීලබ්බත පරාමාස:- සීල ව්‍රත වලට වහල් වීම.
4. කාමරාග :- පඤ්ච කාම අශාව.
5. පටිඝ :- ක්‍රෝධය, විනාශකාරි හැඟීම.
6. රූපරාග : - රූපලෝක ධ්‍යානවලට   ඇති ඇල්ම.
7.අරූපරාග- අරූපලෝක ධ්‍යානවලට ඇති ඇල්ම.
8. මාන - මදය - යෞවන මදය ආදිය.
9.උද්ධඡ්ච- සිතේ නොසන්සුංකම.
10.අවිජ්ජා- ආර්ය සත්‍යයන් පිලිඹද නොදැනීම.

Wednesday, July 18, 2012

අ කොටස ඉ.....

අසදිස මහා දානය/අසදෘශ මහා දානය
වෙනත් කෙනෙකුගේ දානයක් හා සමාන නොවන දානය අසදිස මහා දානය නමින් හැදින්වේ. කිසිදු දාන වස්තුවකින් අඩු නොවු මේ දානය එක් බුදු කෙනෙකුට වුව එක් වරක් පමණක් ලැබෙන්නකි. සැවැත් නුවර කොසොල් රජතුමා තුදුස් කෙලක් ධනය වැයකොට මල්ලිකා දේවියගේ සංවිධායකත්වයෙන් අසදිස මහා දානය බුද්ධ ප්‍රමුඛ පන්සීයයක් මහරහතන් වහන්සේ විෂයෙහි පිරිනමන්නට යෙදිණි.රජුත් කොසොල් රට නාගරිකයෝත් ඔවුනොවුන් පරයා දන් දෙන්නේ රජුගේ දානයට වඩා හැම අතින් ම උසස් දානයක් රටවැස්සන්ට පිරිනමන්නට හැකිවීමෙන් රජතුමාට ඇති වු කනස්සල්ල දැනගත් මල්ලිකා දෙවිය මෙම අසදිස මහා දානය සංවිධානය කළ බව බෞද්ධ සාහිත්‍ය යෙහි සඳහන් වේ.


යමක වග්ගය - 07. ගාථාව

07. ගාථාව
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීන වීරියං
තං වේ පසහති මාරෝ
වාතෝ රුක්ඛං ව දුබ්බලං

07. සිංහල තේරුම
යමෙක් රූපාදි අරමුණු ශුභ වශයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරයකුත්
නැති ව කෑමෙහි පමණකුත් නො දැන. මැළිව,වීර්‍ය්‍යයෙන් හීන ව වෙසේ ද,
 මාරයා හෙවත් මරණය ඔහුට පහර දෙන්නේ වාතය දුබල ගසකට පහර
 දෙන්නාක් මෙනි. 

Friday, July 13, 2012

අ - කොටස ඉ....

අෂ්ටඵලරුහ බෝධි
ශ්‍රි මහා බෝධියෙහි ඵලයකින් හටගත් බෝ රුක් අට අෂටඵලරුහ බෝධිය යි. ශ්‍රි මහා බෝධියෙහි උතුරු ශාඛාවෙහි ඉදුණු ඵලයක් ගිලිහි මිහිදු මාහිමියන් දිගුකල අතෙහි පිහිටියෙන් එය රන් කටාහයක රෝපනය කරන ලදි. එයින් බෝරුක් අටක් පැන නැගිණ. එම බෝරුක් අට දඹකොළ පටුනෙහි ද තිවංක නම් බමුණු ගමෙහි ද (දැන් තන්තිරිමලය ලෙස හදුනාගෙන ඇත) ථුපාරාමයෙහි ද,ඉසුරුමුනි විහාරයෙහි ද, පඨමක චෙතිය ස්ථානයෙහි ද, සෑගිරියෙහි ද, රුහුණේ කතරගම ද, රුහුණෙහි ම සඳුන් ගමෙහි ද රෝපණය කරන්නට යෙදින ථුපාරාමය,ඉසුරුමුණිය,සෑගිරිය, කතරගම යන තැන්වල පිහිටි බෝධි දැනුදු දැකිය හැකිය.    

අෂ්ටාර්ය පුද්ගල
ආර්ය යනු උතුම් යන අර්ථ යි. එබඳු උතුම් පුද්ගලයන් අට කොටස මෙහි අෂ්ටාර්ය පුද්ගල නම් වේ. සෝවාන්,සකෘදාගාමි, අනාගාමි, අරහත් මාරගස්ථ සතර දෙනතේ සෝවාන් ඵලය ආදී ඵලස්ථ සතර දෙනාත් මෙම පුද්ගලයන් අට කොටස යි. ‘චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා‘ යැයි කිය් මේ අට කොටස සඳහා ය.ආර්ය භික්ෂු පිරිස මේ අට කොටස තුළ නියෝජනය වෙයි. මේ පුද්ගලයන් අටදෙනා යුගල වශයෙන් හතරකි.

අස්සජි තෙරණුවෝ
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සව්වන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ශාසනික පැවිද්ද ලැබීමට පෙර පස්වග තවුසන්ට අයත්ව සිටියහ. බමුණු මහසල් කුලයකින් පැමිණි මෙතුමා බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ සමයේ උපස්ථාන කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට සවන් දුන් මෙතුමා ඒ ධර්ම දේශනාවෙන් හතරවැනි දින බුද්ධාවවාදයෙහි පිහිටා සෝවාන් ව ඉන් පසු දින සෙසු හතර දෙනා සමඟ බුදුරජාණන් වහන්සේ දෙසු අනන්ත ලක්ඛණ සුත්‍රයට සවන් දි රහත් බවට පත් විය. රහතන් වහන්සේ සැටනමක් වු කළ බොහෝ දෙනාට හිත සැප පිනිස සැරි සරන්නයි කළ අනුශාසනාවකට අනුව අස්සජි රහතන් වහන්සේ රජගහ නුවර සැරි සැරූහ. උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැදුණු උපතිස්ස පරිබ්‍රාජකයාට බුදු දහම නම් කුමක් දැයි පහදා දුන්නේ මුන් වහන්සේය. එතැන් පටන් තම ගුරුවරයා වු අස්සජි රහතන් වහන්සේ වෙසෙන පෙදෙසට දෙපා හෝ දිගු නොකොට සැතපීමට තරම් සැරියුත් තෙරුන් වහන්සේ සැලකිලිමත් වු බව සඳහන් වේ. මහාවාදියෙකු වු සච්චකයාට පවා අනන්ත ලක්ඛණ සුත්‍රයෙහි එන බුද්ධ දේශනාව හඳුන්වා දුන්නේ අස්සජි රහතන් වහන්සේ ය. රජගහනුවර කස්සපාරාමයේ දී බලවත් ලෙස රෝගාතුර වු මුන්වහන්සේ දැකීමට බුදුරජාණන් වහන්සේ ද වැඩම කළහ.  

අ - කොටස ඉ....

අලෝභ
ඉඳුරන්ට ගොදුරුවන ප්‍රියමනාප අරමුණුවල නොඇලීම අලෝභය වේ. මෙය තුන් වැදෑරුම් කුසල මූලයන්ගෙන් එකකි. සත්ත්වයා සසර බැඳ තබන්නේ ලෝභය වන අතර සත්වයාට සසරින් මිදීමට උපකාර වන්නේ අලෝභය යි.

අව්‍යාපාද සංකප්ප
ආර්ය අෂ්ඨිංගික මාර්ගයේ සම්මා සංකප්ප අංගයට ඇතුලත් සංකප්ප තුනෙන් එකකි. අනිත් දෙක නෙක්ඛම්ම සංකප්ප හා අවිහිංසා සංකප්පය යි. මෙත් සිත අනුන් කෙරෙහි පැතිරවීම ළු්‍යාපාදයේ විරුද්ධ පැත්ත යි.අව්‍යාපාදය යි. අනුන් නැසේවා, විනාස වේවා. යි නොසිතා සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා  යනාදි ලෙසින් පවත්වන මෛත්‍රි සහගත සංකල්පනාව අව්‍යාපාද සංකල්පය යි.

අවිද්‍යාව
මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව යි. විද්‍යාව නුවණ යි. හෙවත් ඤාණය යි. අවිද්‍යාව නුනුවණ යි. හෙවත් මුලාව යි.
1. දුක නොදැනීම,
2. දුකට හේතුව නොදැනීම,
3. දුක නැසීම නොදැනීම,
4. දුක නැසීමේ මග නොදැනීම,
5. සත්වයාගේ අතීත පඤ්චස්කන්ධය නොදැනීම,
6. අනාගත පඤ්චස්කන්ධය නොදැනීම,
7. ඒ දෙකම නොදැනීම,
8. හේතුඵල ධර්ම විභාගය නොදැනීම,
    යන අට වැදැරුම් නොදැනීම අවිද්‍යාව ලෙස හැදින්වේ. යමක යථාර්ථය නොවැටහෙන්නේ නම් එතැන ඇත්තේ අවිද්‍යාව යි. ඛන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සච්ච යන ධර්මයන්ගේ යථාර්ථය නොවැටහෙන්නේ නම් අවිද්‍යාව නම් වේ. සත්වයා සසර බඳවා තබන මූලික බන්ධනයකි අවිද්‍යාව. මෙහි ලක්ෂණය සත්‍ය වසාගෙන සිටීම යි. නිර්මාණවාදී මිත්‍යා දෘෂ්ටිය බිඳ හෙලන පටිච්ච සමුද්පාදය ඇරඹෙන්නේ අවිද්‍යාෙවනි සත්වයාගේ සසර ගමනට හේතුවන මූලික කාරණා දෙකෙන් එකකි අවිද්‍යාව. අනෙක නම් තණ්හාව යි. චතුරෝඝයන් ගෙන් එකක් ලෙස අවිද්‍යාව හැදින්වෙන්නේ සත්වයා සංසාරයෙහි යොදන හෙයින් යෝග නම් වෙයි. සසරෙහි බුඳ තබන හෙයින් සංයෝජන නමුදු වේ. නිවන් දක්නා තෙක් ඒ ඒ සන්තානවල උපදනා හෙයින් අනුසය නම්නුදු ගැනේ. අවිද්‍යාව සිඳලිය හැක්කේ රහත් මගිනි. එවිට කර්ම රැස් කිරීමක් නො වේ. ඒ නිසාම පුනර්හවයකුදු නො වේ.  

යමක වග්ගය - 06.ගාථාව - ධම්ම පදය

06.ගාථාව
පරේ ච න විජානන්ති
මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති
තතෝ සම්මන්ති මේධගා

06.තේරුම
මාගේ ගුණ දැනුමැතිකම් නො පිලිගන්නෝ
 “අපි(මේ කලහයෙන්)මෙහි දි වැනසෙන්නම්හ“
යන බව නො දනිත් . යම් කෙනෙක් එය දනිත් නම් ඒ
නිසා කලහ සංසිඳේ.