අසංඛ්‍ය කල්ප
ගණන් කළ නොහැකි ඉතා දීර්ඝ කාලයකි. එය මහා කල්පයකින් හතරෙන් එක් ගුණයක් සේ සැලකේ. අන්ත:කල්ප විස්සක් පමණ කාලයක් අසංඛ්‍ය කල්පයකි. වර්ෂයක් වශයෙන් හෝ වර්ෂ සීයයක් වශයෙන් හෝ වර්ෂ දස දහසක් හෝ වර්ෂ දස දහසක් වශයෙන් හෝ ප්‍රමාන කොට කිය නොහැකි නිසා ඵබදු කල්ප සංක්‍යාවක් අසංඛ්‍ය කල්ප ලක්ෂ ලෙසින් හැදින්වෙයි.
ලියාපදිංචි අංක බෞ:ක:දේ 11/06/දෙපා/ලි/511 ත:බෞ:ස 7099 දහම් පාසලේ ලිපිනය 93/118,Avissawella road,Orugodawatta,wellampitiya,sri lanka - 93/118,අවිස්සාවේල්ලපාර,ඔරුගොඩවත්ත,වැල්ලම්පිටිය,ශ්‍රිලංකාව.
Thursday, February 28, 2013
අප්පමාද වග්ග - 12 ගාථාව
අප්පමාද වග්ග - 12 ගාථාව
අප්පමාදරතෝ භික්ඛු
පමාදෝ භයදස්සිවා
අභබ්බෝ පරිහාණාය
නිබ්බානස්සේව සන්තිකේ
සිංහල තේරුම
ප්‍රමාදයෙහි භය දකින්නාවු, අප්‍රමාදයෙහි ඇලුනු,භික්ෂුන් වහන්සේ ලොව්තුරා ගුණයෙන් පිරිහෙන්නට නොහැකි වෙති. උන්වහන්සේ නිවන අසලය.
අප්පමාදරතෝ භික්ඛු
පමාදෝ භයදස්සිවා
අභබ්බෝ පරිහාණාය
නිබ්බානස්සේව සන්තිකේ
සිංහල තේරුම
ප්‍රමාදයෙහි භය දකින්නාවු, අප්‍රමාදයෙහි ඇලුනු,භික්ෂුන් වහන්සේ ලොව්තුරා ගුණයෙන් පිරිහෙන්නට නොහැකි වෙති. උන්වහන්සේ නිවන අසලය.
Monday, February 18, 2013
අප්පමාද වග්ග
අප්පමාද වග්ග 11 ගාථාව
අප්පමාදරතෝ භික්ඛූ
පමාදේ භයදස්සි වා
සංයෝජනං අණුං ථුලං
ඩහං අග්ගිව ගච්ඡති
සිංහල තේරුම
ප්‍රමාදයෙහි භය දක්නාවූ, අප්‍රමාදයෙහි ඇලුනාවු,භික්ෂුන් වහන්සේ ගින්නක් කුදු මහත් දර දවන්නාක් මෙන් කුදු මහත් සංයෝජන දවමින් නිවනට යයි.

Sunday, February 17, 2013
අසංඛත
අසංඛත
නිවන හැදින්වීම සදහා ෙයෙදන තවත් වචනයකි.හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවු යන තේරුම දෙයි. නිවන කිසිම දෙයකින් සකස් වුවක් නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත් දේ හැදින්වෙන්නේ සංඛත නමිනි. සංඛත සියල්ල අනිත්‍ය ය. ෙ
නිවන හැදින්වීම සදහා ෙයෙදන තවත් වචනයකි.හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවු යන තේරුම දෙයි. නිවන කිසිම දෙයකින් සකස් වුවක් නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත් දේ හැදින්වෙන්නේ සංඛත නමිනි. සංඛත සියල්ල අනිත්‍ය ය. ෙ
අප්පමාද වග්ග 10 ගාථාව
අප්පමාද වග්ග 10 ගාථාව
අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතෝ සදා
තේරුම
ශක්‍ර දෙවියා අප්‍රමාදය හේතුකොටගෙන දෙවියන්ගේ ශ්‍රේෂ්ඨබවට පැමිණියේය. නුවණැත්තෝ අප්‍රමාදය පසසත්. ප්‍රමාදය නුවණැත්තන් විසින් හැමදා ගරහන ලද්දකි.

අසමසම
අසමසම
අසම සම යනු සමානයෙකු නැත යන අරුතයි. එබදු අසමසමයන් හා සමාන වූයේ අසමසම යි. බුදුරජාණන් වහන්සේ සදහා මෙය යෙදේ. එ බුදුරජාණන් වහන්සේට සමානයෙකු මේ තුන්ලොව ම ඇති නොවන හෙයිනි.
අසම සම යනු සමානයෙකු නැත යන අරුතයි. එබදු අසමසමයන් හා සමාන වූයේ අසමසම යි. බුදුරජාණන් වහන්සේ සදහා මෙය යෙදේ. එ බුදුරජාණන් වහන්සේට සමානයෙකු මේ තුන්ලොව ම ඇති නොවන හෙයිනි.
යමක වග්ග 9 ගාථාව
යමක වග්ග 09 ගාථාව
අප්පමත්තෝ පමත්තේසු
සුත්තේසු බහුජාගරෝ
අබලස්සං‘ව සීඝස්සෝ
හිත්වා යාති සුමේධසෝ
තේරුම
ප්‍රමාද වු අය අතුරෙන් අප්‍රමාද වු, කෙලෙස් නින්දෙන්
නිදන්නවුන් අතුරෙන් කෙලෙස් නිදිවැරුම් ඇත්තාවූ,
උතුම් නුවණැත්තා වේගයෙන් දුවන අශ්වයෙක් දුර්‍වල
අශ්වයෙකු පසුකොට යන්නාක් මෙන් සසරින් නික්ම යයි.

Subscribe to:
Posts (Atom)