තැනකට පැමිණ ආපසු යන්නෝ ආගන්තුකයෝ ය. ඔවුන්
විසින් පිරිය යුතු වත්(පිළිවෙත්) ද ඔවුන් වෙනුවෙන් පිළිපැදිය යුතු වත් ද ආගන්තුක
වත් වෙයි. විහාරාරාමවලට ආගන්තුක වශයෙන් පිටතින් පැමිණෙන භික්ෂුන් වහන්සේ විසින් කළ
යුතු වත් පිළිවෙත් විනයෙහි හදුන්වා දි ඇත. මෙහි වත් යන්නෙන් ප්‍රතිපත්ති සේම කළ
යුතු සත්කාර ද ගැනේ.
පිටතින්
පැමිණි භික්ෂුන් වහන්සේ මහණකමින් වැඩිමහල් නම් අසුන් පැනවීම, පා සෝදන ජලය තැබිම,
පෙර ගමන් කොට පා සිවුරු පිළිගැනීම, වැදීම ආදිය නේවාසික භික්ෂුන් විසින් කළ යුතු
වේ.ආගන්තුක භික්ෂූන් වහන්සේ මහණකමින් බාලයෙක් නම් පා සිවුරු තබන තැන්, වාඩිවන
අසුන් පෙන්වා පානය සදහා පැන් ආදිය සැපයිය
යුතුවේ.
ආවාසික භික්ෂුව නවක භික්ෂුවක් නම් ආගන්තුක
භික්ෂුව උපසම්පදාවෙන් තමනට වඩා වැඩි මහල්ලකු නම් එක විදිහකින් ද බාලයකු නම් තව
විදිහකින් ද වත් දැක්විය යුතු වේ. ආගන්තුක භික්ෂුව නවකයෙකු නම් හෝ වැඩිමහල්ලකු නම්
ඔහු විසින් ද පිළිපැදිය යුතු වත් වෙනම දක්වා ඇත. විනයෙහි පෙනෙන පරිදි ආගන්තුක
භික්ෂුව විසින් සැපිරිය යුතු වත් දෙසැත්තෑවක් වේ. ආවාසික භික්ෂුව විසින් සපුරාලිය
යුතු වත් පන්තිසෙකි.
No comments:
Post a Comment