ලියාපදිංචි අංක බෞ:ක:දේ 11/06/දෙපා/ලි/511 ත:බෞ:ස 7099 දහම් පාසලේ ලිපිනය 93/118,Avissawella road,Orugodawatta,wellampitiya,sri lanka - 93/118,අවිස්සාවේල්ලපාර,ඔරුගොඩවත්ත,වැල්ලම්පිටිය,ශ්රිලංකාව.
Sunday, May 1, 2016
අහේතුක අප්පච්චය වාදය
හේතුවක් ප්‍රත්‍යයක් නැතිව සත්වයාගේ කෙළෙසීම හා විසුද්ධිය ඇති වෙතැයි යන මතය බිහිකළ වාදය අහේතු අප්පච්චය වාදය යි. මේ වාදය ගන්නන් ප්‍රකාශ කළේ සත්වයාගේ කෙළසීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් නැත. සත්වයාගේ විසුද්ධියට ද හේතුවක් ප්‍රත්‍යයක් නැත කියා ය. එසේ හේතු ප්‍රත්‍යය දෙකින් තොර ව සත්වයෝ කෙළෙසෙති. විසුද්ධියටද පත්වෙති. මෙය බුදුදහමේ ඉගැන්වෙන හේතුඵල ධර්මයට පටහැනි වූවකි. වාදයක් ලෙස මේ මතය බිහි කළ ශාස්තෘවරයා මක්ඛලි ගෝසාලයෝ ය. ඔහු දක්වන්නේ සංසාර සුද්ධි වාදය යි. එම වාදයට අනුව නියමිත ආත්ම ගණන ඉපදීමෙන් පසු කිසිදු උත්සාහයකින් තොරව සසර ශුද්ධිය ලැබේ. කිසිම හේතුපල නියාමයකින් තොරව ලොව සියල්ල සිදුවෙතැයි කියු අධිච්ච සමුත්පන්න වාදය ද අහේතු අප්පච්චයවාදි ගණයට ඇතුළත් වේ. මෙය බෞද්ධ පටිච්ච සමුත්පාදයට පටහැනි ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment