Monday, May 2, 2016

අංගුලිමාල තෙරණුවෝ


දඹදිව කොසොල් රජුගේ පුරෝහිත ගර්ග බමුණාගේ සහ මන්තානි බැමිනියගේ පුතා ය. මොහුගේ ගිහි නාමය අහිංසක ය. අකුරු කරවන වයසට පැමිණි කල්හි දෙමාවපියන් විසින් දිසාපාමොක් ඇදුරු තුමා වෙත භාර කරන ලද නමුත් ඔහුගේ දක්ෂතා නොරිස්සු පිරිසක් ගුරුවරයාට කේලාම් කියා භේද කර වූහ. කෝපාවිෂ්ඨ වු ගුරුවරයා මිනිසුන් දහසක් මරා ගුරු පුජාවක් පවත්වන මෙන් නියම කලේය. ඔහු මහ වනයට වැද මිනිසුන් මරා ඇගිල්ලක බැගින් ගෙන මාලයක් ලෙස අමුණාගෙන ගෙල පැළදියේ ය. ඒ නිසා ම අංගුලිමාල නමින් ප්‍රකට විය. බුදුරජාණන් වහන්සේ මේ භයානක පාපයෙන් ඔහු මුදාගෙන ඔහුගේම ඉල්ලීම පරිදි ඕහි භික්ෂු භාවයෙන් මහණ කර භික්ෂුවක ලෙස ආරාමයට කැදවා ගෙන ගිය සේක.

Sunday, May 1, 2016

අංගුත්තර නිකාය


අංගුත්තර නිකාය යනු සුත්‍ර පිටකයට අයත් ග්‍රන්ථයකි. අංගුත්තර සංගහ අංගුත්තර ගාම යන නම් ද මේ සදහා යෙදේ. මෙයට ඇතුළත් සූත්‍ර සංඛ්‍යාව නව දහස් පන්සිය පනස් හතරක් පමණ වෙයි. බණවර වශයෙන් එකසිය විස්සකි. නිපාත වශයෙන් එකොලොසකි. ඒවා ඒකක දුක, තික, චතුත්ත, පංචක, ජක්ක, සත්තක, අට්ඨක, නවක, දසක, ඒකාදසක වශයෙන් ගැනේ. එයින් එක එක අංගය ප්‍රකාශ වු සූත්‍ර ඒකක නිපාතය යි. අංග දෙක ප්‍රකාශ වු සූත්‍ර දුක නිපාතය යි. තික නිපාත ආදීය ද මේ පරිද්දෙනි.

අහේතුක අප්පච්චය වාදය


හේතුවක් ප්‍රත්‍යයක් නැතිව සත්වයාගේ කෙළෙසීම හා විසුද්ධිය ඇති වෙතැයි යන මතය බිහිකළ වාදය අහේතු අප්පච්චය වාදය යි. මේ වාදය ගන්නන් ප්‍රකාශ කළේ සත්වයාගේ කෙළසීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් නැත. සත්වයාගේ විසුද්ධියට ද හේතුවක් ප්‍රත්‍යයක් නැත කියා ය. එසේ හේතු ප්‍රත්‍යය දෙකින් තොර ව සත්වයෝ  කෙළෙසෙති. විසුද්ධියටද පත්වෙති. මෙය බුදුදහමේ ඉගැන්වෙන හේතුඵල ධර්මයට පටහැනි වූවකි. වාදයක් ලෙස මේ මතය බිහි කළ ශාස්තෘවරයා මක්ඛලි ගෝසාලයෝ ය. ඔහු දක්වන්නේ සංසාර සුද්ධි වාදය යි. එම වාදයට අනුව නියමිත ආත්ම ගණන ඉපදීමෙන් පසු කිසිදු උත්සාහයකින් තොරව සසර ශුද්ධිය ලැබේ. කිසිම හේතුපල නියාමයකින් තොරව ලොව සියල්ල සිදුවෙතැයි කියු අධිච්ච සමුත්පන්න වාදය ද අහේතු අප්පච්චයවාදි ගණයට ඇතුළත් වේ. මෙය බෞද්ධ පටිච්ච සමුත්පාදයට පටහැනි ය.

Friday, April 29, 2016

අහිංසක


කොසොල් රට ගර්ග(ගග්ග) නම් පුරෝහිතයාගේ හා මන්තානි බැමිණියගේ පුත්‍රයා අහිංසක නම් විය. හිංසාවක් නොකරන්නා යනු එහි තේරුම යි. ඔහු උපන්දින ගෙයි තිබුණු සියලු අවි දිලිසුන ද කිසිවකින් කිසිවකුටත් හිංසාවක් නොවිණ. උපන් කුමාරයාට ඒ හේතුවෙන් අහිංසක කියා නම් තබන ලදි. පසු කාලයේදී ඔහු ප්‍රසිද්දියට පත් වූයේ අංගුලිමාල යනුවෙනි.

Thursday, April 28, 2016

අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා

1. අඤ්ඤා කොණ්දඤඤ මහාථෙර
2. වප්ප මහාථෙර
3.භද්දිය මහාථෙර
4. මහානාම මහාථෙර
5. අස්සජි මහාථෙර
6. නාලක මහාථෙර
7. යස මහාථෙර
8. විමල මහාථෙර
9. සුබාහු මහාථෙර
10. පුණ්ණජි මහාථෙර
11. ගවම්පති මහාථෙර
12. උරුවෙල කස්සප මහාථෙර
13. නදි කස්සප මහාථෙර
14. ගයා කස්සප මහාථෙර
15. සාරිපුත්ත මහාථෙර
16. මොග්ගල්ලාන මහාථෙර
17. මහා කස්සප මහාථෙර
18. මහා කච්චාන මහාථෙර
19. මහා කොට්ඨිත මහාථෙර
20. මහා කප්පින මහාථෙර
21. මහා චුන්ද මහාථෙර
22. අනුරුද්ද මහාථෙර
23. කංඛාරේවත මහාථෙර
24. ආනන්ද මහාථෙර
25. නන්දක මහාථෙර
26. භගු මහාථෙර
27. නන්ද මහාථෙර
28. කිම්බිල මහාථෙර
29. භද්දිය මහාථෙර
30. රාහුල මහාථෙර
31. සීවලි මහාථෙර
32. උපාලි මහාථෙර
33. දබ්බ මහාථෙර
34. උපසේන මහාථෙර
35. ඛදිරවනිය මහාථෙර
36. පුණ්ණ මහාථෙර
37. පුණ්ණ(සුනාපරත්තක) මහාථෙර
38. සොණ(කුටිකණ්ණ) මහාථෙර
39. සොණ(කෝළිවිස) මහාථෙර
40. රාධ මහාථෙර
41. සුභූති මහාථෙර
42. අංගුලිමාල මහාථෙර
43. වක්කලි මහාථෙර
44. කාළුදායි මහාථෙර
45. මහා උදායි මහාථෙර
46. පිළින්දවච්ඡ මහාථෙර
47. සෝභිත මහාථෙර
48. කුමාරකස්සප මහාථෙර
49. රට්ඨපාල මහාථෙර
50. වංගිස මහාථෙර
51. සභිය මහාථෙර
52. සේල මහාථෙර
53. උපවාන මහාථෙර
54. මෙසිය මහාථෙර
55. සාගත මහාථෙර
56. නාගිත මහාථෙර
57. ලකුණ්ටක භද්දිය මහාථෙර
58. පිණ්ඩෝලභාරද්වාජ මහාථෙර
59. මහාපන්ථක මහාථෙර
60. චුල්ල පන්ථක මහාථෙර
61. බක්කුල මහාථෙර
62. කොණ්ඩධාන මහාථෙර
63. දාරුචීරිය මහාථෙර
64. යසෝජ මහාථෙර
65. අජිත මහාථෙර
66. තිස්ස මෙත්තෙය්‍ය මහාථෙර
67. පුණ්ණක මහාථෙර
68. මෙත්තගු මහාථෙර
69. ධෝතක මහාථෙර
70. උපසිව මහාථෙර
71. නන්ද මහාථෙර
72. හේමක මහාථෙර
73. තෝදෙය්‍ය මහාථෙර
74. කප්ප මහාථෙර
75. ජතු කණ්ණි මහාථෙර
76. භද්‍රාවුධ මහාථෙර
77. උදය මහාථෙර
78. පෝසාල මහාථෙර
79. මෝඝරාජ මහාථෙර
80. පිංගිය මහාථෙර

Wednesday, April 27, 2016

අසුභානුස්සති


මෘත ශරිරයක අවස්සථා දහයක් අරමුණු කරගෙන කරණ භාවනාව අසුභාණුස්සතිය යි. එම අවස්ථා දහය දස අසුභ යනුවෙන් හැදින්වේ. ඒවා නම්:

1. උද්ධුමාතක(ඉදිමි ගිය මළ සිරුර)
2. විනීලක(නිල් වු පැහැය ඇති මළ සිරුර)
3. විපුබ්බක(තැනින් තැනින් පූයා වැගිරෙන මළ සිරුර)
4. විච්ඡිද්දක(දෙකඩ කොට සිදින ලද පිලිකුල් උපදවන මළ සිරුර)
5. වික්ඛායිතක(තැන් තැන් බලු සිවලුන් සපා කෑ මළ සිරුර)
6. වික්ඛිත්තක(අත්පා අාදිය ෙවන් ෙවන් ව විසුරුවා හළ මළ සිරුර)
7. හත වික්ඛිත්තක(විවිධාකාරෙයන් කපා තැන තැන විසුරුවා හළ ෙකාටස් අැති මළ සිරුර)
8. ෙලා්හිතක(තැනින් තැන  ල් වැගිෙරන මළ සිරුර)
9.පුළවක(පණුවන් කා කුණුව ගිය මළ සිරුර)
10. අට්ඨික(ශේෂව ඇති ඇට සැකිල්ල)
අසුභානුපස්සති භාවනාව විශේෂයෙන් රාග චරිත ඇත්තවුන් සදහා දෙන භාවනා ක්‍රමයකි

Sunday, February 14, 2016

වන ඖෂධ

වන ඔෘෂධ

1 සුදු හදුන්                41 ගොකටු මුල්              81 කලාදුරු                   121 පලොල් මුල්
2 සැවැන්දරා             42 ගස් කරල් හැබ           82 කොබොනීල පොතු  122 පැගිරිමාන්න මුල්
3 අරළු                      43 කරපිංචා නැටි            83 කොත්ත මල්ලි         123 පෙති පුවක් 
4 ඉරමුසු                    44 සියඹලා නැටි             84 කටු කරඩු මල්         124 දේවදාර
5 ඉගිනි ඇට              45 කිරිබදු අල                  85 කුබුක් පොතු            125 දැත්ත අල
6 ඉරිවේරිය               46 හාතාවාරිය අල            86 කබරෝස සුල්         126 දේවදුරු 
7 කප්පරවල්ලිය         47 හීං මදුරුතලා               87 එරබදු පොතු           127 දෙළුම් ලෙලි
8 උදු අැට                  48 හොර අරටු                 88 නස්නාරං මුල්           128 දුම්මැල්ල
9 අසමෝදගම්           49 හිං නෙරංචි                 89 තලිස් පතුරු              129 දියමිත්ත
10 අරත්ත අල           50 කටු නෙරංචි               90 නීර මුල්ලිය               130 යකිනාරං මුල්
11 බිං කොහොඹ       51 කොල්ලු                     91 නෙළුම් රේණු           131 ගංසූරියා පොතු    
12 අමුක්කරා අල       52 කටිපල                      92 නාමල් රේණු             132 හිරස්ස පලු      
13 සස්සද                  53 මී මල්                       93 වද කහ                      133 ආපසු මදු  
14 උලුහාල්               54 මසක්කා                   94 වලගසාල්                   134 බැබිල
15 අස්වැන්න            55 මුරුවා මුල්                95 වැල්මී                        135 සපුමල් 
16 සිරිතේක්කු          56 මාදං පොතු               96 වැල් මදටිය                136 ගොන් කැකිරි අල
17 අශෝකා පොතු    57 චින අල                    97 වැල් තිබ්බටු               137 කුඩුමිරිස්ස 
18 බුළු ගෙඩි             58 ඊ තණ                      98 විෂ්ණු කාන්තිය          138 කුකුරුමාන්න ගෙඩි         
19 ඇහැල පොතු        59 කොතල හිඹුටු           99 වදුරු මෑ ඇට              139 කර්කටක සිංගි
20 පාවට්ටා මුල්         60 කොල්ලන් කොළ     100වෙනිවැල් ගැට          140 වගපුල් 
21 වියලි ඉගුරු           61 කිරත්ත                    101 වල් ගම්මිරිස්             141 වෙිලා මුල්
22 ඉගුරු පියලි           62 කපු කිනිස්ස ඇට      102 වැල් පෙනෙල           142ත්‍රස්ත වාලු
23 එඬරු මුල්              63 කීකිරිදිය                 103 රණවරා මල්             143 යක්වනස්ස
 24 ඒලබටු මුල්           64 මූනමල් පොතු         104 රසකිද
25 බෝධි ඇට              65 මුඩමභරත              105 රුක්මල්
26  සිවිය වැල්             66 මිදිමුල්                   106 රත්මල්
27 ඔලිද මුල්                67 මුරුංගා මුල්            107 ලොත් සුඹුලු
28 එකංවේරිය              68 මුරුක්කු තිප්පිලි     108 ලුනුවිල 
 29 බෙලි මුල්               69 මුකුණුවැන්න දඬු     109 ලුනුවරණ පොතු
30 සුදු ළුණු                   70 කටු කරෝසන        110 පඩවැල් 
31 සූදුරු                       71 කුඹුරු ඇට              111 කුප්පමේනියා
32 නෙල්ලි                    72 කොලිද හාල්          112 අක්කපාන
33 නික මුල්                   73 කරාඹු නැටි            113 තල දඬු
34 සෙනෙහෙ කොළ     74 කරද පොතු           114 තිප්පිලි 
35 සාරණ මුල්               75 වැල් කහබිලි මුල්  115 තොටිල
36 සමන් පිච්ච මල්         76 කොහොඹ පොතු  116 තුවරලා 
37 සේපාලිකා මල්          77 කළාදුරු අල         117 පිටවක්කා
38 ගප් තිප්පිලි                78 කටුවැල් බටු         118 පොල් පලා
39 ගම්මිරිස්                     79 කිමි සත්තු            119 පත්පාඩගම්
40 ගල්කූරු මුල්              80 කුරුදු පොතු අල   120 පිලමුල්