Friday, July 13, 2012

අ - කොටස ඉ....

අලෝභ
ඉඳුරන්ට ගොදුරුවන ප්‍රියමනාප අරමුණුවල නොඇලීම අලෝභය වේ. මෙය තුන් වැදෑරුම් කුසල මූලයන්ගෙන් එකකි. සත්ත්වයා සසර බැඳ තබන්නේ ලෝභය වන අතර සත්වයාට සසරින් මිදීමට උපකාර වන්නේ අලෝභය යි.

අව්‍යාපාද සංකප්ප
ආර්ය අෂ්ඨිංගික මාර්ගයේ සම්මා සංකප්ප අංගයට ඇතුලත් සංකප්ප තුනෙන් එකකි. අනිත් දෙක නෙක්ඛම්ම සංකප්ප හා අවිහිංසා සංකප්පය යි. මෙත් සිත අනුන් කෙරෙහි පැතිරවීම ළු්‍යාපාදයේ විරුද්ධ පැත්ත යි.අව්‍යාපාදය යි. අනුන් නැසේවා, විනාස වේවා. යි නොසිතා සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා  යනාදි ලෙසින් පවත්වන මෛත්‍රි සහගත සංකල්පනාව අව්‍යාපාද සංකල්පය යි.

අවිද්‍යාව
මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව යි. විද්‍යාව නුවණ යි. හෙවත් ඤාණය යි. අවිද්‍යාව නුනුවණ යි. හෙවත් මුලාව යි.
1. දුක නොදැනීම,
2. දුකට හේතුව නොදැනීම,
3. දුක නැසීම නොදැනීම,
4. දුක නැසීමේ මග නොදැනීම,
5. සත්වයාගේ අතීත පඤ්චස්කන්ධය නොදැනීම,
6. අනාගත පඤ්චස්කන්ධය නොදැනීම,
7. ඒ දෙකම නොදැනීම,
8. හේතුඵල ධර්ම විභාගය නොදැනීම,
    යන අට වැදැරුම් නොදැනීම අවිද්‍යාව ලෙස හැදින්වේ. යමක යථාර්ථය නොවැටහෙන්නේ නම් එතැන ඇත්තේ අවිද්‍යාව යි. ඛන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සච්ච යන ධර්මයන්ගේ යථාර්ථය නොවැටහෙන්නේ නම් අවිද්‍යාව නම් වේ. සත්වයා සසර බඳවා තබන මූලික බන්ධනයකි අවිද්‍යාව. මෙහි ලක්ෂණය සත්‍ය වසාගෙන සිටීම යි. නිර්මාණවාදී මිත්‍යා දෘෂ්ටිය බිඳ හෙලන පටිච්ච සමුද්පාදය ඇරඹෙන්නේ අවිද්‍යාෙවනි සත්වයාගේ සසර ගමනට හේතුවන මූලික කාරණා දෙකෙන් එකකි අවිද්‍යාව. අනෙක නම් තණ්හාව යි. චතුරෝඝයන් ගෙන් එකක් ලෙස අවිද්‍යාව හැදින්වෙන්නේ සත්වයා සංසාරයෙහි යොදන හෙයින් යෝග නම් වෙයි. සසරෙහි බුඳ තබන හෙයින් සංයෝජන නමුදු වේ. නිවන් දක්නා තෙක් ඒ ඒ සන්තානවල උපදනා හෙයින් අනුසය නම්නුදු ගැනේ. අවිද්‍යාව සිඳලිය හැක්කේ රහත් මගිනි. එවිට කර්ම රැස් කිරීමක් නො වේ. ඒ නිසාම පුනර්හවයකුදු නො වේ.  

No comments:

Post a Comment