යමක වග්ගය - 08.ගාථාව
08.
අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ
වාතෝ සේලං‘ව පබ්බතං
08.සිංහල තේරුම
යමෙක් රූපාදි අරමුණු අසුභ වශයෙන් ගනිමින්
ඉන්ද්‍රිය සංවරය ඇතිව. කෑමෙහි ද පමණ දැන,
සැදැහැතිව,ඇරඹු වීර්‍ය්‍ය ඇති ව, වෙසේ ද, වාතයට ගල නොසෙල්විය හැකිවා මෙන් මරණයට ද ඔහු මැඩලිය නො හැකි ය.