Monday, March 4, 2013

අසු අනුබ්‍යාඤ්ජන

අසු අනුබ්‍යාඤ්ජන

අසුවක් වු කුඩා සලකුණු ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණ දෙතිසක් ද, කුඩා ලකුණු අසුවක් ද, පිහිටියේ ය.විස්තර සදහා ධර්මප්‍රදීපිකා බැලිය හැකිය. එම අසූව චිත්තංගුලික (ඇඟිලි අතර සිදුරු නැති බව) යන්නෙන් පටන්ගෙන කේතුමාලා රතන රඥ්ජිතා (හිස මත්තෙහි වඩුරියන් පමණ උස්ව පැන නැඟි කේතුමාලාලංකාරයෙන් රදනා ලද) යන්නෙන් අවසන් වන කුඩා ලකුණු අසූව අනුබ්‍යාඤ්ජන ලක්ෂණයෝ ය. 

(3) චිත්ත වග්ගය 02 ගාථාව

(3) චිත්ත වග්ගය 02 ගාථාව

වාරිජෝව ථලේ ඛිත්තෝ
ඕකමෝකත උබ්භතෝ
පරිප්ඵන්දතිදං චිත්තං
මාරධෙය්‍යං පහාතවේ

සිංහල තේරුම

ජලයෙන් උඩට නඟා, ගොඩබිම තබන ලද මාළුවෙකු මෙන් මේ සිත හැම අතටම සැලෙයි. ඒ නිසා සංසාර චක්‍රය නැසිය යුතුය.

(3) චිත්ත වග්ගය 01 ගාථාව

(3) චිත්ත වග්ගය 01 ගාථාව

ඵන්දනං චපලං විත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝව තේජනං

සිංහල තේරුම
නුවනැත්තා සෙලවෙන්නාවු, චපලවු, රැකගැනීමට අමාරැවු, නුසුදුසු අරමුණු කෙරෙන් වළකාගන්නට නොහැකිවු, සිත හීවඩුවෙකු ශියක් ඇද සකස් කරන්නාක් මෙන් සෘජු කරයි.

Friday, March 1, 2013

අසිත

මෙහි තේරුම කළු යනුයි.බුද්ධ කාලයේ මුල් අවදියේ සිටි සෘද්ධිමත් තාපස කෙනෙකි.කාලදේවල,කණ්හ දේවල,කණ්හ සිරි,සිරි කණ්හ,යන නම් වලින්ද මේ තාපස තුමා හැදින්වේ. සිංහහනු රජුගේ පූරෝහිත බමුණා වු මොහු සුද්ධෝදන කුමාරයාට ද ඉගැන්වී ය. කුමරු රජවිමෙන් පසු පුරෝහිතයා විය.පසුව පැවිදි ව අෂ්ටසමාපත්ති උපදවා ගත් මෙතෙම කලෙක දෙවි ලොවට ගොස් සමවත් සමවැදිම සිරිතක් කොට ගත්තේ ද අභිඥා බලයෙන් යුක්ත වූවේ ද වෙයි. අතීතයෙන් හා අනාගතයෙන් අසුකපක් සිහිකල හැකි මෙතුමා සිදුහත් කුමරා උපන් විට ඒ කුමරා බැලිමට ආයේ ය. පියරජතුමා විසින් කුමරා ලවා වැන්දවීමට සුදානම් වු වේලාවේ  හෙතෙම කුමරුගේ සිරිපා ලකුණ දැක බුදුවන බව දැන සතුටට පත් විය.එහෙත් ඊට පෙර තමා මිය යන බව  දැක දුක් විය. නාලක තෙම මෙතුමාගේ බෑණනුවෝය. හේ සසුන්ගත වූයේ මෙතුමාගේ නියමයෙනි. අසිත සෘෂිවරයා බෝසතුන් බුදුවන්නට පෙර ම මිය ගොස් අරූපාවචර බඹලොව උපන්නේ ය.අසිත තවුසා බෝසතුන්ගේ අනාගතය පැවසු තැන ඉදිකොට තිබූ ස්තූපයක් ගැන ද වාර්තා වෙයි.